Follow Us:

Saturday, Apr 19
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනපති සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

අද (27) ජනාධිපති කාර්යාලයේදී මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්විණි. රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර ශක්තිමත් ගුවන් හමුදාවක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රි ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා දීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙවර අයවැයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව රජයේ නිලධාරීන්ට වැඩමුළුවක්

සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම් (AIA) තක්සේරුව පිළිබඳ වැඩමුළුව කොළඹ මැන්ඩරිනා හෝටලයේදී අද (27) පැවැත්විණ. මෙරට දේශපාලන ක්‍රමය මෙන්ම සහ රාජ්‍ය සේවයද වෙනස් විය යුතු බව ජනතාව තීරණය කළ බවත් ඒ අනුව දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා විකල්ප බලවේගයක් පත් කර ගැනීමට ඔවුන් කටයුතු කළ බවත් ‘දූෂණයට එරෙහිව පුරවැසියන් සවිබල ගැන්වීම’ යන මැයෙන් මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපති...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්න

සංවර්ධනය මෙන්ම කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබීමේ වගකීම සියලුදෙනාට පැවරෙනවා ජනපති දිසාපතිවරුන්ට දන්වයි රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ දිස්ත්‍රික් ලේකම්වරු සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැති සාකච්ඡාවේදීය. ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%- 4%ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි . වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනාවලට අදාළව මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවත්, වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී වෛද්‍යවරුන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස යන මහත්වරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහාය දෙන ආයතන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා දායකත්ව ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘ ෆ්‍රෑන්ක් (Marc- Andre Franche) මහතාගේ ප්‍රධානත්වයෙන් එම නියෝජිතායතනය සහ ජනාධිපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම සංවර්ධන දායකත්ව සම්මන්ත්‍රණ ප්‍රධාන සැසි 03ක් යටතේ පැවැත්විණි. මීට සහභාගී වී සිටි නියෝජිතයන්ගෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා යෝජනා මෙන්ම දායකත්වය ලබා ගැනීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ විය. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජන සඳහා නෙදර්ලන්තය සූදානමින්

ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකඟතාව පළ කෙරිණි. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් නෙදර්ලන්ත රජයෙන් ලබා දිය හැකි...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනපති සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26) පැවැත්විණි. නාවික හමුදාවේ උසස් නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයට ලක් විය. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මුහුදේ සිදු කරන මෙහෙයුම් මෙන්ම මුහුදු මාර්ගයෙන් සිදුවන අවි ජාවාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම ඇතුලු ගැඹුරු මුහුදේ සිදු කරන නිරීක්ෂණ මෙහෙයුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල්...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

මහා ශිව රාත්‍රී දින පණිවිඩය

ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙස මහා ශිව රාත්‍රි දිනය සැලකේ. ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තතනය ඉදිරිපත් කරන අවස්ථාවත් මෙයින් සිහිපත් කෙරේ. එයින් ලෝකයෙහි හා ජීවිතයෙහි "මෝහාන්ධකාරය ජය ගැනීම" සංකේතවත් කරයි. එහෙයින් ‘මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල් වේවා’යි යන ප්‍රාර්ථනයෙන් මෙදින රැය පුරා හින්දු බැතිමත්හු උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙති. එමෙන්ම ජීවිතයේ සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීමද මහා ශිව රාත්‍රී දිනයේ දී සිදු කෙරේ. ශිව හා...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි. පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳවද සතුට පළ කළේය. මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර වසර 60ක දීර්ඝ කාලීන...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

නව රජයේ වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු විය. ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය ලබාදීමට මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාළ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, ධාරිතා සංවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ එකඟතාව පළ කෙරිණි. අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සඳහා මෙවර අයවැයෙන් මුදල්...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ඉන්දුනීසියාවේ සහාය

- තානාපතිවරියගෙන් සහතිකයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය (Dewi Gustina Tobing )අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) සිදු විය. නව රජයට ඉන්දුනීසියානු රජයේ සුබ පැතුම් එක් කළ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය දෙරට අතර වසර 70ක මිතුදම ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ හා ඉන්දුනීසියානු රජයන් සමකාලීන මැතිවරණ ජයග්‍රහණයක් ලබා නව රජයන් පිහිටවූ අතර ශ්‍රී ලංකාවේ වත්මන් රජය ආරම්භ කර තිබෙන "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සහයෝගය ලබාදෙන බවත්...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

සීමිත මූල්‍ය රාමුව තුළ අමාත්‍යාංශ සඳහා වෙන් කළ ප්‍රතිපාදන කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස යොදවන්න

ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර‍ සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි. ඒ අනුව වියදම් කළමනාකරණයේදී රාජ්‍ය නිලධාරීන් නිසි...
Top