Follow Us:

Saturday, Apr 19
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

නව යුද හමුදාපති ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාර දුන්නේය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් හෙට (31) සිය ධුරවලින් විශ්‍රාම යාමට නියමිතය.
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනාධිපති අරමුදල නව වසරේ නව නිවහනකට

මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාල පරිශ්‍රය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කෙරේ. ජනාධිපති අරමුදලෙහි සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට 2025 ජනවාරි 01වන දා සිට කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා ජනපති ගෙන් බලධාරීන්ට උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවැත්විණි. මෙහිදී මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ටුවිටර් පණිවිඩයක් යොමු කර තිබේ. එම පණිවිඩය මෙසේය, “මම, මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය ජනරජයට, ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ පවුලේ අයට සහ ලොව පුරා ඔහු පිළිබඳ භක්ත්‍යාදරයක් දක්වන අසංඛ්‍යාත සහෘද ජනතාවට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. දූරදර්ශී නායකයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ මඟපෙන්වීම ඉන්දියාවට පමණක් සීමා නොවීය. 2004 සිට 2014 දක්වා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කළ අධ්‍යාපන...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක් අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ. එහිදී නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය මෙසේය. ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය නිවේදනය 01. ආර්ථික ස්ථාවරත්වය පසුගිය පාලකයන් විසින් නිර්මාණය...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

නත්තල් දින සුබපැතුම් පණිවිඩය

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය ප්‍රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරා ගත්තේද, දේව දූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන ආවේද එහෙයිනි. එහෙයින්, නත්තලේ යටි අරුත වනුයේ වාද බේද දුර ලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමගියෙන් හා සාමයෙන්...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙවෙනි දිනටත් පැවැත් වෙයි

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ දෙවෙනි දිනය ඊයේ (23 ) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ. ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි පහන් ආලෝකය දල්වා නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ දෙවෙනි දිනය ආරම්භ කෙරුණු අතර ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබීය. අද (24) දිනයේදී ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් නත්තල් කැරොල් ගී...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු සහභාගි වූහ. අමාත්‍යාංශ, නියාමන ආයතන, නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන ඇතුළුව, පාර්ශ්වකාර ආයතන 24ක් සඳහා සම්පාදනය කර ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 25 දක්වා

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඊයේ (22) කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි පහන් ආලෝකය දල්වා නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ සමාරම්භය සනිටුහන් කෙරුණ අතර ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබීය. මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර්...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ජනාධිපතිවරයාගේ පසුගිය ඉන්දියානු සංචාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. අනතුරුව මල්වතු මහා නා හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාදය පළ කළහ. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා

- ජනපති අනුර කුමාර දිසානායක අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි. ආණ්ඩුවේ...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේදී සහාය ලබාදීම පිළිබඳව ජනපති චීන රජයට කෘතඥතාව පළ කරයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං (Qin Boyong) මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (18) හමු වූ අවස්ථාවේදීය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු...
Top