Presidential Secretariat of Sri Lanka

අප්‍රිකානු දේශගුණික සමුළුවට එක්ව සිටින රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැති සමඟ සාකච්ඡාවක

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන අප්‍රිකානු දේශගුණික සමුළුවට (Africa Climate Summit 2023) සහභාගී වීම සඳහා එහි ගොස් සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැති මුස්තාපා මැඩිබොව්ලි මහතා (Mostafa Madbouly) හමුවී සාකච්ඡා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රුවන් විජයවර්ධන මහතා මෙම සමුළුවට එක්ව සිටියි.

ඊජිප්තු අග්‍රාමාත්‍යවරයා සහ රුවන් විජයවර්ධන මහතා අතර පැවති හමුවේ දී දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ හැකියාව පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

එසේම දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද රුවන් විජයවර්ධන මහතා මෙහිදි ඊජිප්තු අගමැතිවරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී.

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනා කනනාතන් (Kana Kananathan) මහතා ද මෙම අවස්ථාවට එක් විය.

පුවත්

Most popular