Presidential Secretariat of Sri Lanka

LPL අවසන් මහා තරගය නැරඹීමට ජනපති එක් වෙයි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (20) පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය.

තරගය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද කතා බහක නිරත විය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular