Presidential Secretariat of Sri Lanka

ප්‍රවීන චිත්‍ර ශිල්පී එස්. එච්. සරත් මහතාගේ “සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

ප්‍රවීන චිත්‍ර ශිල්පී, කලාශූරී එස්. එච්. සරත් මහතාගේ “සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) එක්විය.

සී. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ පිහිටි සියම් නිවසේ (Siam House) මැයි මස 23 වැනිදා ඇරඹි චිත්‍ර ප්‍රදර්ශනය ජූලි මස 04 වැනිදා දක්වා පැවැත්වේ.

එස්.එච්. සරත් මහතාගේ පනස් වසරක කලා ජීවිතයේ වසර 40 ක කාල පරාසයක් තුළ සිතුවමට නඟන ලද එදිනෙදා ජීවන සබඳතා සහ පරිසරය පිළිබඳ චිත්‍ර මෙම ප්‍රදර්ශනයට එක් කර තිබේ.

චිත්‍ර ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර එස්.එච්. සරත් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පෝල් (Poj harnpol) මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular