Presidential Secretariat of Sri Lanka

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

1917 දී ශ්‍රී ලංකාවට බාලදක්ෂිකා සංගමය හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය ජාතික තරුණ ගුරුවරියක් වන ජෙනී කැල්වර්ලි මෙනවිය විසින් පළමු බාලදක්ෂිකා කණ්ඩායම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආරම්භ කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ආරම්භ කර ඊයේ (21) දිනට වසර 106ක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ කොඩි දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ආචාර්ය ශාන්ති විල්සන්, සන්නිවේදන කොමසාරිස් රුක්ෂානි අසීස් සහ විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ අංශයේ බාලදක්ෂිකා නායිකාවක් වන වසන්තා සරෝජනි හේමසිංහ මහත්මිහු ජනාධිපතිවරයා වෙත කොඩිය පිළිගැන්වූහ.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය නියෝජනය කරමින් බාලදක්ෂිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular