Presidential Secretariat of Sri Lanka

අටමස්ථානාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනපතිගෙන් උපදෙස්

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.

මෙරට මහා සංඝරත්නය අතුරින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිය පැවිදි දිවිය අර්ථවත්ව ගත කළ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ රජරට ජනතාවගේ මෙන්ම රටවැසි සියලු ජනතාවගේ සුබ සෙත උදෙසා නිරන්තරයෙන් කැප වූ සංඝ පිතෘන් වහන්සේ නමකි.

පුවත්

Most popular