Presidential Secretariat of Sri Lanka

සුබපැතුම් පණිවිඩය

ශ්‍රී ලාංකික හා ලෝක ඉස්ලාමීය බැතිමතුන්ගේ අතිශය ගෞරව ප්‍රසාදයට පත් මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.

ලොව පුරා වාසය කරන ඉස්ලාමීය බැතිමතුන්ගේ ආගමික ශාස්තෘවරයා වශයෙන් එතුමාගේ දර්ශනය, අන්කවරදාටත් වඩා අද සමාජයේ පවතින තත්ත්වය සමනය කර ගැනීමට මනා පිටිවහලක් වන බව මගේ විශ්වාසයයි.

මානවීය ගුණයෙන් උසස් ලෙස උපදින සියලු දෙනා එකිනෙකා පරයා යෑමට දරන උත්සාහය වෙනුවට එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට නබි නායකතුමාගේ දර්ශනය ප්‍රායෝගිකව ජීවිතය හා බද්ධ කර ගැනීම එතුමන්ට කරනු ලබන පූජෝපහාරයකි.

නබි නායකතුමාගේ පහළවීම යනු එතුමාගේ දර්ශනය සමස්ත මානව ප්‍රජාව මෙන්ම අන්‍ය සියල්ලෙහි ආරක්ෂාව, පරිහරණය, ගෞරවය, අවංකභාවයේද, සත්‍ය මූර්තිමත් කරන්නකි. එතුමන්ගේ දර්ශනයට අනුව ස්වකිය ජීවිතය හැඩගස්වා ගැනීමෙන් අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව සමාජයීය වශයෙන් ද ජිවිතයට ජයග්‍රහණ ළගා කර ගැනීමට උපකාරී වේ.

අල් අමීන් හෙවත් “විශ්වාසවන්තයා” යන පර්යාය නාමයෙන් හඳුන්වන මුහම්මද් නබි නායකතුමන්ගේ උපන්දිනය ශ්‍රී ලාංකේය සහ සමස්ත ලෝකවාසී ඉස්ලාමීය ඇතුළු සෙසු ජාතීන්ගේ ද ආධ්‍යාත්මික සහ සමාජීය ප්‍රගමනයට, ශාන්තියට හේතු වේවායි ප්‍රාර්ථනය කරමි.

රනිල් වික්‍රමසිංහ

පුවත්

Most popular