Presidential Secretariat of Sri Lanka

සංචාරක හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්වීපාර්ශ්වික එකඟතාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවට නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා මහතා එක්ව සිටියේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධ වීමට දෙරටෙහිම තරුණ තරුණියන්ට අවස්ථාවන් ලබාදෙමින් තරුණ හුවමාරු වැඩසටහනක් (Youth exchange program) ක්‍රියාත්මක කිරීමේ එකඟතාවයට පැමිණීම මෙම සාකච්ඡාවේදී සිදුවිය.

ඒ වෙනුවෙන් වන ඉදිරි කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා නේපාල රජය අතර සිදු කිරීමට නියමිතය.

පුවත්

Most popular