Presidential Secretariat of Sri Lanka

ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම් …

2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගන්වයි.

පවතින අභියෝග නොතකා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකාව ඇතුළු සෙසු ක්‍රීඩිකාවන් තුළ තිබූ සමගිය සහ අපරිමිත කැපවීම නිසා බව ජනාධිපතිවරයා සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන් ඇතුළු ක්‍රීඩාවට ඇල්මක් දක්වන සියලුදෙනාගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට දැරූ පරිශ්‍රමය ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පමණක් නොව සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පූර්වාදර්ශයක් බව ද එම පණිවුඩියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉදිරියේදී තවත් මෙවැනි ජයග්‍රහණ තුළින් ශ්‍රි ලංකාවට කීර්තියක් අත්කර දීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බවත්, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සියලු සාමාජිකාවන්ගේ ඉදිරි ක්‍රිඩා කටයුතු වෙනුවෙන් තමා ආශිර්වාද කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පුවත්

Most popular