Presidential Secretariat of Sri Lanka

ආරක්ෂක ප්‍රධානීන් ජනපති හමු වෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහ  ආරක්ෂක ප්‍රධානීන් අතර හමුව  ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය

ජනාධිපති සහ සේනාධිනායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා  ධූරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායික ලෙස මෙම හමුව සිදු වූ අතර ආරක්ෂක ලේකම්  ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා,  යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එන්.ආර්. ළමාහේවාගේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක යන මහත්වරු මෙලෙස ජනාධිපතිවරයා හමු වූහ.

සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයාට සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-19

පුවත්

Most popular