Presidential Secretariat of Sri Lanka

අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකිවේවායි චෙක් ජනරජයේ ජනපතිගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම්.

වර්තමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බව චෙක් ජනරජයේ ජනාධිපති මයිලෝස් සීමන් (Milos Zeman) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර තිබේ.

ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් වික්‍රමසිංහ මහතාට සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමා ඇති Milos Zeman මහතා, අත්දැකීම් සහිත නායකයෙකු ලෙස එතුමා අභියෝග සාර්ථකව ජය ගනු ඇති බවට ද විශ්වාසය පළ කර ඇත.

චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය මත කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳි. සාම්ප්‍රදායිකව පැවතෙන එම යහපත් සබඳතා දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අඛණ්ඩව ගැඹුරින් වර්ධනය කර ගැනීම අපේකෂාව බව ද  සිය සුබපැතුම් පණිවිඩයේ චෙක් ජනරජයේ ජනාධිපතිතුමා සඳහන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-09

පුවත්

Most popular