Presidential Secretariat of Sri Lanka

ජනපති සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර හමුවක් ….

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් (Sarah  Hulton) මහත්මිය අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිළිගැන්වූ හල්ටන් මහත්මිය කරුණු කිහිපයක් පිළිබඳව එතුමා සමග පුළුල් සාකච්ඡාවක නිරත වූවාය.

ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපතිතුමා මහකොමසාරිස්වරිය දැනුවත් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව වික්‍රමසිංහ මැතිතුමා සඳහන් කළ අතර ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට මහකොමසාරිස්වරිය සහතික වූවාය.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-07-29

පුවත්

Most popular