Presidential Secretariat of Sri Lanka

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජනපති හමුවෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ අද (04) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී ඩේවිඩ් හොලි මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඕස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් පසු වේ. තනි රටක් මෙරටට ලබා දුන් වැඩි ම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් පිරිනැමිණ. මෙය ආරම්භයක් පමණි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා පැවසීය.

නාවික හා නීතිවිරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව හොලි මහතා සඳහන් කරනු ලැබී ය.

දෙරට අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දක්වන සමීප සහයෝගීතාව පැසසුමට ලක් කළේය.

පුවත්

Most popular