Presidential Secretariat of Sri Lanka

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය වනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අද (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති හමුවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සමඟ තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි මහතා පැවසීය.

ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළේය.

පුවත්

Most popular