Presidential Secretariat of Sri Lanka

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහකොමසාරිස්වරු ජනපති හමුවෙති …

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහකොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙති.

ජනාධිපතිතුමා සහ තානාපතිවරුන් අතර හමුව පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරුන් දැනුම්වත් කළේය.

පවතින තත්ත්වය විසඳා ගැනීමට එම රටවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිය හැකි සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිතුමා මේ වන විට එම රටවලින් දී ඇති සහාය පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනු ලැබී ය.

මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් ඕමාන් තානාපති ජුමා හම්දාන් හසන් අල්-ෂෙහි (Juma Hamdan Hassan Al Shehhi), පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් හම්දල්ලා සෙයිඩ් (Dr. Zuhair Hamdallah Zaid), කුවේට් තානාපති කලාෆ් බූ ධහේර් (Khalaf Bu Dhhair), කටාර් තානාපති ජසීම් ජබේර් අල්-සොරෝ (Jassim Jaber Al- Sorour), ඊජිප්තු තානාපති මැග්ඩ් මොස්ලේ (Maged Mosleh), එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලේඩ් නසර් අල්-අමේරි (Khaled Nasser Al Ameri), ලිබියා තානාපති නසර් වයි.එම්. අල්ෆුර්ජානි (Nasser Y.M. Alfurjani), සවුදි අරාබි තානාපති (කටයුතු භාර) අබ්දුලේලා ඒ.ඒ. ඔකෝබි (Abdulelah A.A. Orkobi), ඉරාක තානාපති (කටයුතු භාර) මොහොමඩ් ඔබාඩ් ජෙබේර් අල්-මස්වාඩි (Mohammed Obaid Jebur Al Maswadi), චීන තානාපති චි සෙන්හොන්ග් (Qi Zhenhong), දේශපාලන අංශයේ ප්‍රධානි ලුඕ චොන්ග් (Luo Chong) සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

පුවත්

Most popular