Presidential Secretariat of Sri Lanka

ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හා ජීවිත හානි පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක් …..

2022-03-31 සහ 2022-05-15 යන දින අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස්. වසන්ත කුමාර යන මහත්වරුන් පත් කර තිබේ.

ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා එහි ලේකම් ලෙස කටයුතු කරයි.

කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය අද (01) පස්වරුවේ කොළඹ, කොටුව  ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

පුවත්

Most popular