Presidential Secretariat of Sri Lanka

නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති …

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍යවරුන් 04 දෙනෙකු අද (14) පස්වරුවේ පත් කරන ලදී.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (14) පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ පහත අමාත්‍යවරු දිවුරුම් දුන්හ.

01. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
02. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන මහතා
03. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
04. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා

පුවත්

Most popular