Presidential Secretariat of Sri Lanka

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් …

අඛණ්ඩ සහාය ලබාදීමටත් එකඟතාව …

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කරයි. ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා (Chiyo Kanda) මහත්මිය පවසයි.

ලෝක බැංකුවේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී චියෝ කැන්ඩා මහත්මිය මේ බව සඳහන් කළාය.

ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබාදීමට නියමිතය. පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බව ද ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ.

ලෝක බැංකුවේ මෙරට උපදේශක හුසාම් අබුඩාගා (Husam Abudagga), මානව සංවර්ධන ප්‍රධානි රෙනේ සොලානෝ (Rene Solano), මුදල් අමාත්‍ය අලි සබ්රි, වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
ආර්.එච්. ඩබ්ලිව්. ඒ. කුමාරසිරි යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular