Presidential Secretariat of Sri Lanka

නව කැබිනට් අමාත්‍යවරු 17ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති …

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    1. දිනේෂ් ගුණවර්ධන මහතා                 – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
    2. ඩග්ලස් දේවානන්දා මහතා               – ධීවර අමාත්‍ය
    3. රමේෂ් පතිරණ මහතා                       – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
    4. ප්‍රසන්න රණතුංග මහතා                    – මහජන ආරක්ෂක, සංචාරක
    5. දිලුම් අමුණුගම මහතා                       – ප්‍රවාහන, කර්මාන්ත
    6. කණක හේරත් මහතා                        – මහාමාර්ග
    7. විදුර වික්‍රමනායක මහතා                    – කම්කරු
    8. ජානක වක්කුඹුර මහතා                     – කෘෂිකර්ම, වාරිමාර්ග
    9. ෂෙහාන් සේමසිංහ මහතා                   – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
    10. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා   – ජල සම්පාදන
    11. විමලවීර දිසානායක මහතා                – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
    12. කංචන විජේසේකර මහතා                 – බලශක්ති, විදුලිබල
    13. තේනුක විදානගමගේ මහතා              – තරුණ හා ක්‍රීඩා
    14. නාලක ගොඩහේවා මහතා                  – ජනමාධ්‍ය
    15. චන්න ජයසුමන මහතා                        – සෞඛ්‍ය
    16. නසීර් අහමඩ් මහතා                             – පරිසර
    17. ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා  – වරාය හා නාවික

ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවිණ.

 

පුවත්

Most popular