Presidential Secretariat of Sri Lanka

මැණික් ගඟේ නව පිවිසුම් ප්‍රාකාරයේ ඉදිකිරීම් – ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

රුහුණු කතරගම මහා දේවාලයේ මැණික් ගඟේ නව පිවිසුම් ප්‍රාකාරයේ ඉදිකිරීම් අද (01) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම ජනාධිපතිතුමා, අමාත්‍ය චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මීට සමගාමීව “සුරකිමු ගංඟා” ව්‍යාපෘතිය යටතේ පරිසර අමාත්‍යාංශය මගින් ට්‍රැක්ටර් රථයක් සහ විදුලිය මගින් ක්‍රියාකරන රථයක් රුහුණු කතරගම මහා දේවාලයට පරිත්‍යාග කරනු ලැබීය.

මැණික් ගඟට බැහැර වන කැළිකසල සහ ඝණ අපද්‍රව්‍ය එකතු කිරීම සහ පරිසර හිතකාමී ආදර්ශන ව්‍යාපෘතියක් ලෙස යොදාගැනීමට මෙම රථ ජනාධිපතිතුමා විසින් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා වෙත භාරදෙනු ලැබිණ.

අමාත්‍ය මහින්ද අමරවීර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular