Presidential Secretariat of Sri Lanka

වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (29) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ  නා හිමිපාණන් වහන්සේගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබිණ.

ජනාධිපතිතුමා එම කටයුතු පිළිබඳව ද සොයා බලමින් ආදාහන කමිටුවේ භික්ෂුන් වහන්සේ සමග කතාබහක නිරත විය.

පුවත්

Most popular