Presidential Secretariat of Sri Lanka

වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබේ.

හිමිපාණන්ගේ අපවත්වීම සැල වූ වහාම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇමතූ ජනාධිපතිතුමා අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට සැලසුම් කරන ලෙස උපදෙස් දුන්නේය.

පුවත්

Most popular