Presidential Secretariat of Sri Lanka

තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ..

ජනාධිපති ලේකම්වරයා පවසයි.

ඉන්දියාවෙන් පොහොර  ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු  පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ඉලක්ක කර නිර්මාණය කරන  සාවද්‍ය ප්‍රවෘත්ති  ජනාධිපති ලේකම්වරයා තරයේ ප්‍රතික්ෂේප කරයි.

එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්  අසත්‍ය සහ ද්වේශ සහගතව නිර්මාණය කරන ඒවාය.   රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම අදාළ බැංකුව සහ ගිණුමේ හිමිකරු අතර කාර්යභාරයකි. එහිදි නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමකි.

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හුවා දක්වමින්  තමා  ඉලක්කකොට සැලසුම් සහගතව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දැනටමත් දැඩි  නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සඳහන් කරයි.

පුවත්

Most popular