Presidential Secretariat of Sri Lanka

පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳව වහාම විමර්ශනයක් කරන්න

ජනපතිගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝගයක්.

පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගණුදෙණු පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකර මසක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කරයි.

එම පත්‍රිකාව අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ පුරවැසියන් ගැන අධික ලෙස මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව ජනමාධ්‍යයන්හි පළ වී තිබේ. මේ තොරතුරු සම්බන්ධයෙන් අද (06) දින සිට මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.

ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ බව ලිඛිතව ද දැනුවත් කර ඇත.

(නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කළ ලිපියේ පිටපතක් මේ සමග යොමු කර ඇත.)

පුවත්

Most popular