Presidential Secretariat of Sri Lanka

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලංකා හොස්පිටල්ස් සමූහය වෙතින් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්…

ලංකා හොස්පිටල්ස් සමූහය විසින් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ලක්ෂ 100ක මුදලක් පරිත්‍යාග කරයි.

අදාළ චෙක්පත 21 දා පෙරවරුවේ එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී  දීප්ති ලොකුආරච්චි මහතා විසින් ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ මහතා වෙත භාරදෙනු ලැබිණ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායක විය හැකිය. දුරකථන අංක 076 – 0700700/ 011 – 2320880/ 011 – 2354340/ 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

පුවත්

Most popular