Presidential Secretariat of Sri Lanka

සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පූජ්‍ය දික්වැල්ලේ තිස්ස හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත්වී වදාළ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ආචාර්ය පූජ්‍ය දික්වැල්ලේ තිස්ස හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව පුද කරයි.

ශ්‍රී දේහය තැන්පත් කර ඇති වැවුරුකන්නල බුදුරජ මහා විහාරස්ථානයට අද (22) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා නා හිමි දේහයට අවසන් ගෞරව දක්වා විහාරස්ථානයේ තබා ඇති ශෝක සටහන් පොතේ සටහනක් තබමින් අත්සන් තැබීය.

අමරපුර සිරි සද්ධමවංශ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අහුංගල්ලේ සිරි සීල විසුද්ධි නා හිමිපාණන් ප්‍රමුඛ නිකායික අනුනායක සහ ලේඛකාධිකාරි හිමිවරු බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සහ දායක කාරකාදීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී  නිපුන රණවක යන මහත්වරු  ජනාධිපතිතුමා සමග  මේ අවස්ථාවට එක්ව සිටියහ

පුවත්

Most popular