Presidential Secretariat of Sri Lanka

විශ්‍රාම යන ගුවන් හමුදාපති ජනපති හමු වෙයි ..

වසර 36ක සේවය නිම කොට නොවැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

2019 මැයි 29 වන දින ගුවන් හමුදාපති ධූරයට පත් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකාවේ 17 වන ගුවන් හමුදාපතිවරයායි.

තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියාකළ ඔහු තම සේවා කාලය තුළ  වඩමාරච්චි මෙහෙයුම් පදක්කම,  පූර්ණ භූමි සේවා පදක්කම, දේශපුත‍්‍ර සම්මානය, රණශූර පදක්කම (තෙවරක්ම), උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම,  විශිෂ්ට  සේවා  විභූෂණය ඇතුලූ පදක්කම් රැසක්  හිමි කර ගත්තේය.

මව්බිම වෙනුවෙන් කළ විශිෂ්ට මෙහෙය අගය කළ ජනාධිපතිතුමා සුමංගල ඩයස් මහතාගේ විශ්‍රාම දිවියට සුභාශිංසන එක් කළේය.

පුවත්

Most popular