Presidential Secretariat of Sri Lanka

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය දෛනික නිල කාර්යයන්ට අමතරව ප්‍රමුඛත්වය දී ඇති බැවින් ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමේදී උත්සව, ත්‍යාග ප්‍රදාන මෙන්ම විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගිවීමට  කාලය නොමැති නිසා එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමාගේ කාලය පූර්ණ වශයෙන් ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරිමත්, ජනාධිපති කාර්යාංශය මගින් ක්‍රියාදාමය මෙහෙයවීමට නායකත්වය සැපයීමත් නිසා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය අපේක්ෂා කරන පාර්ශ්වයන් වෙත මේ ඉල්ලීම කරනු ලැබේ.

පුවත්

Most popular