Presidential Secretariat of Sri Lanka

දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රදානය සැප්තැම්බර් 02 ඇරඹේ

රැකියාලාභීන්  කිසිදු පාර්ශවයකට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක්
දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප වීමට හේතුවක්.

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා  ඇරඹේ.

රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම  වැඩසටහනෙහි අරමුණයි.

  • රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම්වලට අනුවය.
  • කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින් වීම.
  • අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවු.18ට නොඅඩු හා 45ට නොවැඩි වීම.
  • සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම.
  • වයස්ගත, රෝගතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම.
  • අයැදුම් කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
  • පුහුණුව සඳහා තෝරා ගැනීම.
  • එක් පවුලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනු ලැබේ.
  • අයැදුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයැදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කෙරේ.
  • තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල හෝ ඇති පුහුණු මධ්‍යස්ථානවලදී පුහුණුව  ලැබේ.
  • සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල හෝ රැකියාවක නියුක්ත කෙරේ.
  • වැටුප් හා දීමනා
  • මාස හය (6) ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රු 22,500.00ක දීමනාවක් හිමි වෙයි. පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළව, සිය ස්ථීර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන (PL-I) වැටුප් (රු.35,000) හා දීමනා හිමි රජයේ ස්ථීර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව ඇත. වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

අදාළ ක්ෂේත්‍ර සඳහා රැකියා ප්‍රදානය ඉහත නිර්නායක මත පමණක් සිදු කෙරෙන අතර, රැකියාලාභීන් යම් තැනැත්තෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේපවීමට හේතුවකි.

පුවත්

Most popular