Presidential Secretariat of Sri Lanka

කෝට්ටේ වාර්ෂික ශ්‍රී දළදා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ජනපති ප්‍රධානත්වයෙන්

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර අද (29) රාත්‍රී විදී සංචාරය කළේය.

විහාර මන්දිරය වෙත සධාතුක කරඬුව වැඩමවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියෝ අනුශාසනාව සහ විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ හිමියෝ ආගමික වතාවත් කළහ.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් මංගල හස්ථිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කෙරිණ.

ජනාධිපතිතුමා නිලමේවරු සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

පුවත්

Most popular