Presidential Secretariat of Sri Lanka

COVID- 19 අරමුදලට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් අමරිකානු ඩොලර් 500,000 ක් ….

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම COVID- 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට අමරිකානු ඩොලර් 500,000ක (රුපියල් මිලියන 92.5 ) මුදලක් පරිත්‍යාග කරයි.

ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා  ඊට අදාළ චෙක්පත ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකාවේ COVID- 19ට එරෙහි සටනට සිය දායකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා රතුකුරුස සංගමය මගින් බැංකුව පරිත්‍යාගය සිදු කර තිබේ.  ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් පීඑල්සී මගින් ලබා දුන් අමරිකානු ඩොලර් 300,000ක් හා මෙරට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බංකුව ලබාදුන් අමරිකානු ඩොලර් 200,000කින් මේ මුදල සමන්විතය.

කොරෝනා වෛරසය පාලනය සහ මර්ධනය, රෝගය පතිරයාම වැළැක්වීම සහ පෙර සූදානම, වෛරසය පිළිබඳ ජනතාව නිවැරදිව දැනුවත් කිරීම, රෝගීන් හඳුනාගැනීම සඳහා උපකරණ මිලදී ගැනීම වැනි කාර්යයන් සඳහා මේ මුදල යොදවනු ඇතැයි බැංකුව අපේක්ෂා කරයි.

සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ සන්නාම සහ අලෙවිකරණ ප්‍රධානී අනුක් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular