Presidential Secretariat of Sri Lanka

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1230දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1230 ඉක්මවා තිබේ.

WNS Global Services (Pvt) Ltd ආයතනය රුපියල් 5,895,000ක් සහ කිරිබත්ගොඩ, ඊරියවැටිය ශ්‍රී රත්න විහාරවාසී පූජ්‍ය බංගලාදේශයේ චන්ද්‍රජෝති හිමි රුපියල් 100,000 ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රුපියල් මිලියන 5ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා අද (02) ජනාධිපතිතුමා වෙත චෙක්පත භාර දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ඒකකයේ ව්‍යාපෘති කළමනාකරණ අංශය රුපියල් 37,358.71, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය රුපියල් 145,183.30, පූජ්‍ය ලත්පඳුරේ රාහුල හිමි රුපියල් 100,000ක්, සිංහ ලෑන්ඩ් සේල් පුද්ගලික සමාගම රුපියල් 500,000ක්, චන්දන සේනාරත්න මහතා රුපියල් 200,000ක් පරිත්‍යාග කළහ.

ඉටුකම වෙබ් අඩවිය මඟින් ලැබී ඇති මුදල  1,146,200කි.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,230,748,037.77 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

පුවත්

Most popular