Presidential Secretariat of Sri Lanka

ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ජනපති සහභාගිත්වයෙන්

හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන්  ඊයේ (07) පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිතර විය.

අනතුරුව ආගමික වතාවත්හි නිරත වූ රාජපක්ෂ මැතිතුමා සහ මැතිණිය සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්හ.

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමා විශේෂ සමරු සටහනක් ද තැබීය.

සාධාතුක කරඬුවවැඩම කරවීම සහ චාරිත්‍රාණුකූලව සර්ව රාත්‍රික ධර්ම දේශනයට  ආරාධනා කිරීම ජනාධිපතිතුමා විසින් සිදු කෙරිණ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි ස්වාමින් වහන්සේ, ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික ස්වාමින් වහන්සේ ප්‍රධාන දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වැඩම කළ මහ සංඝරත්නය ඊට එක්ව සිටියහ.

පුවත්

Most popular