Presidential Secretariat of Sri Lanka

COVID- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතුශේෂය රුපියල් මිලියන 878 දක්වා ඉහළට ….

තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කඳබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියෝ රුපියල් මිලියන 1.5ක මුදලක් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පරිත්‍යාග කළහ.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ විධායක සංගමය රුපියල් මිලියනයක් සහ Generation Next Communication Lanka (Pvt) Ltd ආයතනය රුපියල් මිලියන 02 ක් අරමුදලට පරිත්‍යාග  කළ අතර එම චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබිණ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ගුරු සුභසාධක සංගමය රුපියල් දෙලක්ෂ පනස්දහසක් සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය රුපියල් මිලියන 02ක් ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කළහ. එම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද එක් විය. ETIගණුදෙනු පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති කේ.ටී. වික්‍රමසිංහ මහතා පරිත්‍යාග කළ මුදල රුපියල් අසූ එක්දහසකි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 878 ඉක්මවයි.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

ජනාධිපති මාධ්‍ය අංශය
2020-04-29

පුවත්

Most popular