Presidential Secretariat of Sri Lanka

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 785ක් දක්වා ඉහළට …

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 785 ඉක්මවයි.

ගැමුණු හේවා රොජිමේන්තු සේවා මුක්ත භට සංගමය රුපියල් 50,000ක්, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය රුපියල් මිලියන 1.5ක්, ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් ඖෂධ ආයතනය (Glaxosmithkline) හා විජය නිෂ්පාදන පෞද්ගලික සමාගම රුපියල් මිලියන 05 බැගින්, නිෂිකෝ අන්තර්ජාතික පෞද්ගලික සමාගම, පීපල්ස් රක්ෂණ ආයතනය සහ රුසියානු අධ්‍යාපන මධ්‍යස්ථානය රුපියල් මිලියනය බැගින් ද, අද (21) අරමුදලට පරිත්‍යාග කළහ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  හැක.

ජනාධිපති මාධ්‍ය අංශය
2020-04-21

පුවත්

Most popular