Presidential Secretariat of Sri Lanka

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (01) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ  ද සුවදුක් විමසීය.

අස්ගිරි මහා නායක හිමියන් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

ජනාධිපතිතුමා අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ දී රංගිරි දඹුළු මහා විහාරාධිපති මහනුවර අස්ගිරි මහා විහාරයෙහි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නායක හිමියන්  බැහැ දැකීය.

එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක හිමියන් ද  වැඩම කර සිටියහ.

මේ අවස්ථාවන්ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ද එක්ව සිටියේය.

 

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

2020-03-01

පුවත්

Most popular