Presidential Secretariat of Sri Lanka

ජනපතිගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරියගේ ප්‍රසාදය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය  ප්‍රසාදය පළ කරයි.

අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූ හැනා සිංගර් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

දිළිදුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් කෙරිණි.

දිළිඳුකම පිටුදැකීම රජයේ ප්‍රධාන අරමුණකි. අඩු ආදායම්ලාභීන්   ලක්ෂයකට රැකියා ලබාදීම සහ සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදීමට නියෝජිතවරිය පොරොන්දු වුවාය.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබද ගැටලුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. අදාළ පවුල්වල ජීවනෝපායමාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය. තම දේශපාලන අභිලාෂයන්ට පටහැනිවිම හේතුවෙන් ද්‍රවිඩ දේශපාලනඥයන් එම පියවර ප්‍රතික්ෂේප කළද රජයේ අරමුණ වන්නේ අගතියට පත් පවුල්වල යහපත සැලසීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

පුවත්

Most popular