Presidential Secretariat of Sri Lanka

ශ්‍රි ලංකා – ජපාන සංවර්ධන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට එකඟතාව

ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා වන සිය කැපවීම ශ්‍රි ලංකාව හා ජපානය නැවත වරක් අවධාරණය කරති.

තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, නැගෙනහිර බහලුම් පර්යන්ත ඇතුළු වරාය යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගිමාර්ග, කෘෂිකර්මය, රූපවාහිනි සම්ප්‍රේෂණ ඩිජිටල්කරණය, ආපදා නිවාරණය සහ ආරක්ෂක සහයෝගීතාව හඳුනාගත් එකීක්ෂේත්‍රයන්ට අයත් වේ.

මේ බව සඳහන් කෙරුණේ ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු Motegi Toshimitsu මහතා අද (13) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදි ය. ජපාන අමාත්‍යවරයා සමඟින් ඉහළපෙළේ නියෝජිතයන් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හමුවට එක්ව සිටියහ.

ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් පළ කරමින් අමාත්‍ය තොෂීමිත්සු මහතා සඳහන්කළේ ශ්‍රි ලංකාව ” ජපානයේ විශේෂ මිතුරෙක් ” බවයි ජපානයේ චාරිකාවක නිරත වන ලෙසට ජනාධිපතිතුමාට ආරාධනා කරමින්ඔහු වැඩිදුරටත් කියා සිටියේ ” ආසියාවේ මිතුරන් ” නමති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට ලබන මැයි මාසයේ දී අප විසින්සත්කාරකත්වය ලබා දෙන බවත්, අපගේ රටට පැමිණීමට එය ඔබට අඟනා අවස්ථාවක් වනු ඇති බවත්ය” රාජපක්ෂ මැතිතුමා ඊටඑකඟ විය.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය වනු ඇති බවට ද ජපානඅමාත්‍යවරයා සිය විශ්වාසය පළ කළේය. ” අන්‍යෝන්‍ය වශයෙන් එකග වූ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීමඅධීක්ෂණය සඳහා ද්විපාර්ශ්වික ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට ජපානය බලාපොරොත්තු වෙනවා. එය නවීන තාක්ෂණයෙන්සන්නද්ධ ජපාන සමාගම් ශ්‍රි ලංකාවට හඳුන්වාදීමට සහායක් වනු ඇති ” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

” අපගේ ආර්ථිකය කුඩා එකක්. නමුත් අපට නිපුණතා සහිත උගත් හා දක්ෂ ශ්‍රම බලකායක් සිටිනවා. මාගේ අභිප්‍රාය ශ්‍රමයකේන්ද්‍රකරගත් උසස් තාක්ෂණයෙන් යුත් ආර්ථිකයක් ගොඩනැංවීමයි. එම ඉලක්කය කරා ළගාවීමට ජපානයේ සහයෝගය අපිබලපොරොත්තු වෙනවා” යැයි ජනාධිපතිතුමා පැවසීය. ශ්‍රි ලංකාව විදේශ ආයෝජනයන්ට විශේෂයෙන් චීනය,ජපානය,ඉන්දියාව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූර්ව වැනි කලාපීය රටවල ආයෝජනයන්ට විවෘත බව ද ජනාධිපතිතුමා සඳහන්කළේය.

කලාපීය සහයෝගිතාව ගැන අවධානය යොමු කළ ජපාන අමාත්‍යවරයා නිදහස් හා විවෘත ඉන්දු – ශාන්තිකර කලාපීය සංකල්පයකෙරෙහි තම රටෙහි ඇති කැපවීම ප්‍රකාශ කර සිටියේය.

කලාපීය සහයෝගීතාවයේ මූලික් ක්ෂේත්‍ර වන්නේ ආරක්ෂාව, සුරක්ෂිතාව සහ ස්ථාවරත්වය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ ” ඉන්දීය සාගරය ගැටුම්වලින් තොර සාම කලාපයක් වශයෙන්පැවතිය යුතු බවයි“

විදේශ සබඳතා පිළිබද සිය ස්ථාවරත්වය අවධාරණය කළ ජනාධීපතිතුමා ” ලෝක බලවතුන්ගේ ඝට්ටනයන්ට මැදිවීමට ශ්‍රිලංකාවට අවශ්‍ය නැහැ. අප අනෙක් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන අතර ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරනවා” යනුවෙනි.

ජපාන ආමාත්‍යවරයා සඳහන් කළේ තම රට ශ්‍රි ලංකාවේ ජාතීන් අතර සාමය, ස්ථාවරත්වය සහ සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටිනබවයි. “ සංහිඳියාවේ දේශපාලන ක්‍රියාදාමය ඉදිරියට යා යුත්තේ සමස්ත ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණුකිරීම සහ ජනතාවගේ විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙසෙන ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සමඟිනි ” යනුවෙන් රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා ( Sugiyama Akira) ජපාන අමාත්‍යවරයාගේ විධායක සහායක මතානෝමොතොසෝදා ( Matano Motosoada) සහ ජනාධිපති ලේකමු අචාර්ය පී.බී ජයසුන්දර යන මහත්වරු හමුවට එක්ව සිටියහ.

පුවත්

Most popular