Presidential Secretariat of Sri Lanka

නීතිගරුක රටක් ගොඩනැගීමට අප්‍රමාදීව ක්‍රියා කිරීමේ වැදගත්කම පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ හිමියෝ පෙන්වා දෙති

ධාර්මික, ගුණ යහපත් සමාජයක් තුළ ගොඩනැගීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව කෝට්ටේ රජමහා විහාරධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ හිමියෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (07) පස්වරුවේ රජමහා විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ හිමියෝ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර එහදී විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

බියක්, සැකක් නොමැතිව රටේ ජීවත්වීමේ භාග්‍යය උදා වනු දැකීම සැමගේ අපේක්ෂාව බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අප්‍රමාදීව ක්‍රියා කිරීමේ වැදගත්කම පහදා දුන් උන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව ප්‍රකාශ කළහ
ඉන් අනතුරුව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විහාරධිපති පූජ්‍ය මුරත්තේටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ බැහැ දුටුවේය.

එහිදී පූජ්‍ය මුරත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොල පියනන්ද හිමියෝ අනුශාසනා සිදු කළහ.

වැඩම කර සිටි මහා සංඝරත්නය ජය පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමාට සෙත් පැතූහ.

මෙම අවස්ථාවට බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරුන් හා මහාචාර්ය ජී.එල්.පීරිස්, අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ඇතළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

Most popular