ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා වේ. ජනාධිපති කාර්යාලය “ජනාධිපති ලේකම් කාර්යාලය”,වෙතින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිපාලන හා ආයතනික රාමුව සපයනු ලැබේ.
වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන මෙම පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මීට වසර 82 කට පෙර, පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “අයෝනියානු ශෛලීයට“ අනුව නිර්මාණය කර ඇති අකර පෙනුමෙන් අතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා“ නම් ග‍්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකර ඇති ප‍්‍රධාන දෙව්මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමාන අන්දමින් ඉදිකර තිබේ.