Follow Us:

Saturday, Nov 23
psofzDmp නොවැ. නොවැම්බර් 2024

ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතුයි

ජනපති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් පවසයි පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමෙන් අනතුරුව එහි...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු ජනපති රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරයි

රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකින් තොරව ඉදිරියට යන්න බැහැ මෑත ඉතිහාසයේ මැතිවරණයකදී ලබාදුන් 80%කට ආසන්න වරමක් රාජ්‍ය සේවය ලබා දුන්නේ නව පරිවර්තනය ඔවුන්ගේ ද ප්‍රාර්ථනය නිසයි ව්‍යවස්ථා, නීතිවල කුමන අණපනත් තිබුණත් එසේම ප්‍රබල වන්නේ ජනතාවගේ බලයයි ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට දේශපාලන නායකත්වය ලබා දීම හැර ඉන් පිටත කිසිදු අරමුණක් රජයට නැහැ ජනපති ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනිමින් පවසයි එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද (22) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි වූ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගී විය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වී ඇත.
psofzDmp නොවැ. නොවැම්බර් 2024

ජනාධිපති ලේකම් සහ ජපාන තානාපති අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ජපාන මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය. නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව ජපාන රජයේ ප්‍රශංසාව...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබේ. මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී මහචාර්ය ගෝමික උඩුගමසූරිය වෙත පිළිගන්වනු ලැබීය. කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි. මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය ද,...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කථාව

අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එම දේශපාලන බලය, අලුත් කඳවුරක්, එනම් අප වෙත එම දේශපාලන බලය ලැබුණා. එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතා සුවිශේෂී අවස්ථාවක්. එම ජනවරම විශාල කරුණු ගණනාවකින් සමන්විත වී තිබෙනවා. අප රටේ ගොඩනැගුණු මේ ඡන්ද ක්‍රමය යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට මේ ජනවරම ලබාදී තිබෙනවා. එය ප්‍රමාණාත්මක අගයක්. මේ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ. 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතා - කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස මහතා - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය 04. නලින් හේවගේ මහතා - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය 05. ආර්. එම්. ජයවර්ධන මහතා -...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙයි

අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කෙරේ නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කරනු ලැබීය.
psofzDmp නොවැ. නොවැම්බර් 2024

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසුන් ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණෙයි

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා අද (19) පැමිණියහ. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන තුළින් දිවයිනේ පාසල් දරුවන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී තිබේ. ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි සිසු සිසුවියන්ට පාර්ලිමේන්තු ඉතිහාසය සම්බන්ධව දැනුම්වත් කිරීමක් ද මෙහිදී සිදු විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. එම නාම ලේඛනය පහත පරිදි වේ. 01. ජී.පී සපුතන්ත්‍රී මහතා - අග්‍රාමාත්‍ය ලේකම් 02. ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා - අමාත්‍ය මණ්ඩල ලේකම් 03. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය 04. කේ. එම්. එම් සිරිවර්ධන මහතා - මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය 05....
psofzDmp නොවැ. නොවැම්බර් 2024

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි

සුබසාධන වියදම් කෙරෙහි අවධානය : ළමා දරිද්‍රතාව, මන්දපෝෂණය, සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකාර IMF වැඩසටහනේ සාර්ථකත්වය, පවත්නා පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැඟීම මත රඳා පවතී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ අමාත්‍යවරු පිරිසක් හමු විය. තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතුයි

ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ සියලු ජනතාවට ස්තූතිවන්ත වෙනවා මෙවර මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් නැහැ ජාතික ජන බලවේගය අපේක්ෂා කරන අරමුණ ඉටු කිරීමට සියලු ජනතාවගේ සහාය සහ විශ්වාසය අවශ්‍යයි මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස ආමන්ත්‍රණයයි. ඔවුන්ට මේ නිදහස අවශ්‍ය වී තිබුණා අපේ ජයග්‍රහණය විශාල වගේම ජයග්‍රහණය විසින් අප වෙත වන වගකීමේ බරද ඒ හා සමානයි ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු ! අභිනව...
Top